වසර දෙකකට වඩා වැඩි කාලයක් භාවිතා නොකළ Google Accounts ස්ව්‍යංක්‍රීයවම delete කර දැමීමට Google සමාගම තීරණය කරයි

 google සමාගම  විසින් Gmail, Google Drive, Google Photos ආදී සේවාවන් වලින් එකක් හෝ වසර දෙකක් තිස්සේ භාවිතා නොකළහොත්, Google සමාගම විසින් ගබඩා කරගෙන ඇති ඔබේ සියළුම දත්තයන් මකා දැමීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්තිය 2021 වර්ෂයේ ජුනි 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, 2023 ජුනි 1 වන දින සිට බලාත්මක වෙනවා.

එමෙන්ම මෙම වසර දෙකක කාලය තුළ ඔබේ සියලුම දත්ත 15GB ඉක්මවා යන්නේ නම්, ඒවා delete කර දැමීමට ද Google සමාගමට අයිතියක් තිබෙන අතර, තාක්ෂණිකව, ඔබට විකල්ප දෙකක් තිබෙනවා.

  1. Gmail, Google Drive, Google Photos ආදිය වසර දෙකක් භාවිතා නොකර සිටීමෙන් වැළකීම.
  2. 15GB storage සීමාව ඉක්මවා නොයා සිටීම යන විකල්ප දෙකයි.

ඔබේ Gmail, Google Drive,Google Docs, Sheets, Slides, Drawings, Forms, Jamboard file,Google Photos යනාදී සේවාවන් සඳහා Cloud Storage එකක් වැය කිරීමට ගූගල් සමාගමට සිදු වෙන අතර, මේ සඳහා Google account එකක් open කරන සෑම පරිශීලකයෙකු හටම නොමිලේ 15GB Cloud Storage එකක් ලබාදීමට Google සමාගම කටයුතු කරනවා.

එමෙන්ම යම් පරිශීලකයෙකුට එම Storage අගය වැඩි කර ගැනීමට අවශ්‍ය නම්, ඔවුනට Google One සේවාවේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් මේ අලුත්ම Google Policy එකෙන් ඔබට හානියක් නොවීමට නම්, ඔබ විසින් ඉඳහිට හෝ ඔබේ Google Account එක වෙත ප්‍රවේශ වීම සිදු කල යුතු අතර, මේ සම්බන්ධව දැනුවත් කිරීම් ඔබට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති.

ඒ වගේම ඔබ Google Workspace, G-Suite Education Edition, හෝ G-Suit Non-profit Edition පරිශීලකයෙක් නම්, ඔබට මෙම අලුත් Google Policy එකෙන් බලපෑමක් නැති බවද මතක් කල යුතු අතර, ඉදිරියේදී ඔබ Google සේවා භාවිතා කරන්නේ නම්, මේ පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් වනු ඇති.

Comments

Post a Comment

Popular Posts